1
00:00:35,924 --> 00:00:37,754
<font face="Gandhi Sans" size="24"><b>චෙක්මේට්.</b></font>

2
00:00:40,384 --> 00:00:43,264
<font face="Gandhi Sans" size="24"><b>ඕහ්! ඒ ඉන්නෙ අපේ සුපිරි හිට්මෑන්!</b></font>

3
00:00:43,264 --> 00:00:45,844
<font face="Gandhi Sans" size="24"><b>ඔයා නිකන් බොරුවට කියන්නේ.</b></font>

4
00:00:45,844 --> 00:00:48,144
<font face="Gandhi Sans" size="24"><b>ඔයා එක්ක සටනකට ඇවිත් ගොඩක් කල්,</b></font>

5
00:00:48,144 --> 00:00:50,854
<font face="Gandhi Sans" size="24"><b>ඒත් මධ්‍යම පාසලේ ළමයෙක් විදිහටත්, ඔයා නම් මාරයි!</b></font>

6
00:00:50,854 --> 00:00:54,564
<font face="Gandhi Sans" size="24"><b>හ්ම්, මේ තරුණ ඇඟ නම් ඒ තරම්ම ශක්තිමත් නැහැ.</b></font>

7
00:00:55,694 --> 00:00:58,194
<font face="Gandhi Sans" size="24"><b>ඒත් මගේ අත්දැකීම් සහ දැනුම තවමත් තියෙන නිසා,</b></font>

8
00:00:58,194 --> 00:01:00,784
<font face="Gandhi Sans" size="24"><b>සමහරවිට මට ඉස්සරටත් වඩා හොඳට දැන් වැඩ කරන්න පුළුවන් ඇති.</b></font>

9
00:01:00,784 --> 00:01:03,614
<font face="Gandhi Sans" size="24"><b>ඔයාගෙ තරුණ කාලේ ඔයා ඇත්තටම මනුස්සයෙක්ද?</b></font>

10
00:01:04,534 --> 00:01:05,364
<font face="Gandhi Sans" size="24"><b>මම අදහස් කළේ...</b></font>

11
00:01:05,954 --> 00:01:09,204
<font face="Gandhi Sans" size="24"><b>ඔව්, ඔයා හැමදාම අමුතු විදිහට ශක්තිමත් කියලා මට ආයෙත් මතක් වුණා.</b></font>

12
00:01:09,204 --> 00:01:10,494
<font face="Gandhi Sans" size="24"><b>මධ්‍යම පාසල් කාලේදී පවා,</b></font>

13
00:01:10,874 --> 00:01:12,124
<font face="Gandhi Sans" size="24"><b>ඒත් ඉතින්...</b></font>

14
00:01:12,124 --> 00:01:15,504
<font face="Gandhi Sans" size="24"><b>ආයෙත් ප්‍රතිඵල ගැන හිතන්නේ නැතුව හැමදේම කරන්න යන්න එපා.</b></font>

15
00:01:15,504 --> 00:01:17,384
<font face="Gandhi Sans" size="24"><b>ඔයා ටෙන්මා එක්ක කළා වගේ!</b></font>

16
00:01:17,384 --> 00:01:21,384
<font face="Gandhi Sans" size="24"><b>ඇත්තමයි, හෝම් එකි ක්ලබ් එකේ ළමයි තාමත් සැකෙන් ඉන්නේ කියලා මට හොඳටම විශ්වාසයි!</b></font>

17
00:01:21,384 --> 00:01:22,964
<font face="Gandhi Sans" size="24"><b>ඔව්, ඔව්. මට තේරෙනවා.</b></font>

18
00:01:23,634 --> 00:01:27,304
<font face="Gandhi Sans" size="24"><b>අනික, මම බොස්ට යවපු වාර්තාව තාමත් විස්තර මදිලු.</b></font>

19
00:01:27,304 --> 00:01:30,974
<font face="Gandhi Sans" size="24"><b>ඒ ආදරණීය තාත්තට කොච්චර විස්තර ඕනෙද මන්දා?</b></font>

20
00:01:30,974 --> 00:01:33,684
<font face="Gandhi Sans" size="24"><b>අහන්න, හරිද? ඔයා දිගටම මධ්‍යම පාසලේ ළමයෙක් විදිහට ඉන්නවා නම්,</b></font>

21
00:01:33,684 --> 00:01:36,234
<font face="Gandhi Sans" size="24"><b>තියෙන එකම නීතිය තමයි ඔයා ඇත්තටම කවුද කියලා කාටවත් හොයාගන්න ඉඩ තියන්න එපා.</b></font>

22
00:01:36,774 --> 00:01:38,404
<font face="Gandhi Sans" size="24"><b>බොස්ගේ මෙහෙයුම වෙනුවෙන්...</b></font>

23
00:01:38,404 --> 00:01:40,114
<font face="Gandhi Sans" size="24"><b>ඔයාගේ පඩිය වෙනුවෙන්...</b></font>

24
00:01:40,444 --> 00:01:41,484
<font face="Gandhi Sans" size="24"><b>අනික හැමදේටම වඩා...</b></font>

25
00:01:42,034 --> 00:01:43,944
<font face="Gandhi Sans" size="24"><b>ඔයාගේම යහපත වෙනුවෙන්, බොස්.</b></font>

26
00:01:45,204 --> 00:01:47,574
<font face="Gandhi Sans" size="24"><b>අඩුම තරමේ, මම දකින්නේ එහෙමයි.</b></font>

27
00:01:49,954 --> 00:01:50,584
<font face="Gandhi Sans" size="24"><b>ඔව්.</b></font>

28
00:01:51,494 --> 00:01:52,994
<font face="Gandhi Sans" size="24"><b>ඔයා හරි.</b></font>

29
00:01:55,000 --> 00:02:10,000
<font color="#00CED1">උපසිරැසිකරණය: SACHII ILONI </font></b>

30
00:02:15,000 --> 00:02:35,000
{\an5}<font size="30"color="#008000"><b>SL ANIME CLUB</b></font>

31
00:03:24,004 --> 00:03:26,634
<font face="Gandhi Sans" size="24"><b>{\an8}HOME EC කාමරය</b></font>

32
00:03:26,634 --> 00:03:27,514
<font face="Gandhi Sans" size="24"><b>ඔගාමි...</b></font>

33
00:03:27,924 --> 00:03:29,054
<font face="Gandhi Sans" size="24"><b>නොරෙන්...</b></font>

34
00:03:29,384 --> 00:03:30,634
<font face="Gandhi Sans" size="24"><b>මට උදව්වක් ඉල්ලන්න තියෙනවා.</b></font>

35
00:03:31,014 --> 00:03:32,144
<font face="Gandhi Sans" size="24"><b>මේ සති අන්තයේ...</b></font>

36
00:03:32,644 --> 00:03:34,104
<font face="Gandhi Sans" size="24"><b>ඔයාලා දෙන්නා...</b></font>

37
00:03:34,434 --> 00:03:36,394
<font face="Gandhi Sans" size="24"><b>මාත් එක්ක ඩබල් ඩේට් එකකට එනවාද?</b></font>

38
00:03:38,814 --> 00:03:39,854
<font face="Gandhi Sans" size="24"><b>- ආ?
- ආ?</b></font>

39
00:03:39,854 --> 00:03:40,604
<font face="Gandhi Sans" size="24"><b>මොකක්?</b></font>

40
00:03:40,604 --> 00:03:43,614
<font face="Gandhi Sans" size="24"><b>සභාපතිතුමිය, ටෙන්මා එක්ක එළියට යන්න කැමති වුණා කියලා නම් කියන්න එපා!</b></font>

41
00:03:43,614 --> 00:03:46,364
<font face="Gandhi Sans" size="24"><b>නෑ-නෑ-නෑ-නෑ! මට එහෙම කරන්න කිසිම අදහසක් නෑ!</b></font>

42
00:03:47,114 --> 00:03:48,574
<font face="Gandhi Sans" size="24"><b>ඒත්...</b></font>

43
00:03:49,444 --> 00:03:50,534
<font face="Gandhi Sans" size="24"><b>මම ඔයාට ආදරෙයි!</b></font>

44
00:03:51,654 --> 00:03:52,454
<font face="Gandhi Sans" size="24"><b>මම ඔයාට ආදරෙයි!</b></font>

45
00:03:52,454 --> 00:03:53,074
<font face="Gandhi Sans" size="24"><b>ආ?</b></font>

46
00:03:54,244 --> 00:03:55,494
<font face="Gandhi Sans" size="24"><b>චිසාටෝ!</b></font>

47
00:03:57,374 --> 00:04:00,254
<font face="Gandhi Sans" size="24"><b>එයා හැමදාම එනවා, ඉතින් මට නිකන් කියවුණා...</b></font>

48
00:04:00,254 --> 00:04:03,214
<font face="Gandhi Sans" size="24"><b>අඩුම තරමේ එක ඩේට් එකකටවත් යන්න පුළුවන් වෙයි කියලා.</b></font>

49
00:04:03,214 --> 00:04:04,924
<font face="Gandhi Sans" size="24"><b>වාව්, ඔයා මම හිතුවට වඩා ලේසියෙන් කැමති වුණානේ!</b></font>

50
00:04:05,214 --> 00:04:06,004
<font face="Gandhi Sans" size="24"><b>මම අදහස් කළේ...</b></font>

51
00:04:06,294 --> 00:04:07,554
<font face="Gandhi Sans" size="24"><b>ඩබල් ඩේට් එකක්?</b></font>

52
00:04:07,554 --> 00:04:08,384
<font face="Gandhi Sans" size="24"><b>ඇයි?</b></font>

53
00:04:08,674 --> 00:04:13,434
<font face="Gandhi Sans" size="24"><b>මම කිව්වා අපිට විතරක් යන්න බෑ, හැබැයි නොරෙන් සහ ඔගා එනවා නම් කමක් නෑ කියලා.</b></font>

54
00:04:13,434 --> 00:04:15,184
<font face="Gandhi Sans" size="24"><b>නෑ, අපිව මේකට පටලවා ගන්න එපා!</b></font>

55
00:04:15,184 --> 00:04:16,804
<font face="Gandhi Sans" size="24"><b>ඔයා සාමාන්‍යයෙන් වැඩවලට මාර දක්ෂයිනේ,</b></font>

56
00:04:16,804 --> 00:04:19,274
<font face="Gandhi Sans" size="24"><b>ඒත් මේ වගේ දේවල් වලදී නම්, ඔයාගෙන් වැඩක්ම නෑ.</b></font>

57
00:04:19,274 --> 00:04:21,274
<font face="Gandhi Sans" size="24"><b>ඔව්, ඒක පිළිගන්නත් මට ලැජ්ජයි.</b></font>

58
00:04:21,274 --> 00:04:23,274
<font face="Gandhi Sans" size="24"><b>හරිගස්සගන්න! දිගටම මෙහෙම වුණොත්...</b></font>

59
00:04:23,814 --> 00:04:26,654
<font face="Gandhi Sans" size="24"><b>කවදාහරි ඔයා අර ව්‍යාපාරික කාන්තාවක් වුණාම...</b></font>

60
00:04:27,154 --> 00:04:30,494
<font face="Gandhi Sans" size="24"><b>වැඩට ඕනෑවට වඩා දක්ෂ නිසා වටේ ඉන්න හැම කොල්ලෙක්ම බය කරන...</b></font>

61
00:04:30,494 --> 00:04:31,694
<font face="Gandhi Sans" size="24"><b>චිසාටෝ!</b></font>

62
00:04:31,694 --> 00:04:33,664
<font face="Gandhi Sans" size="24"><b>...ඔයා කොහේ හරි ඉන්න පරාජිතයෙක්ට රැවටෙයි!</b></font>

63
00:04:33,664 --> 00:04:37,084
<font face="Gandhi Sans" size="24"><b>මම නිකන් හිතුවේ එක ඩේට් එකක් ගියොත් එයා සෑහීමකට පත් වෙයි කියලා.</b></font>

64
00:04:37,084 --> 00:04:38,244
<font face="Gandhi Sans" size="24"><b>ඒක මොන වගේ සැලැස්මක්ද?</b></font>

65
00:04:38,244 --> 00:04:42,504
<font face="Gandhi Sans" size="24"><b>ඒක ජපානයේ අඩු උපත් අනුපාතයට ගන්න පියවරවලටත් වඩා විහිළුවක්නේ!</b></font>

66
00:04:49,384 --> 00:04:50,964
<font face="Gandhi Sans" size="24"><b>කොහොමහරි...</b></font>

67
00:04:50,964 --> 00:04:53,594
<font face="Gandhi Sans" size="24"><b>මටත් මේ ඩබල් ඩේට් එකට පැටලෙන්න සිද්ධ වුණා.</b></font>

68
00:04:54,014 --> 00:04:58,104
<font face="Gandhi Sans" size="24"><b>ඒත් ඇත්තටම, මට තාමත් ඔගාමිගේ රහස ගැන කුතුහලයක් තියෙනවා.</b></font>

69
00:04:58,104 --> 00:05:00,974
<font face="Gandhi Sans" size="24"><b>සමහරවිට මට අද මොනවාහරි හොයාගන්න පුළුවන් වෙයි.</b></font>

70
00:05:00,974 --> 00:05:02,564
<font face="Gandhi Sans" size="24"><b>යෝ!</b></font>

71
00:05:02,854 --> 00:05:03,854
<font face="Gandhi Sans" size="24"><b>සභාපතිතුමිය!</b></font>

72
00:05:03,854 --> 00:05:06,314
<font face="Gandhi Sans" size="24"><b>අනේ, මේ හැමදේටම මට සමාවෙන්න ඕනේ.</b></font>

73
00:05:06,314 --> 00:05:08,194
<font face="Gandhi Sans" size="24"><b>පොඩ්ඩක් ඉන්න, මොකක්ද ඔය ඇඳුම?</b></font>

74
00:05:08,194 --> 00:05:12,694
<font face="Gandhi Sans" size="24"><b>ම්ම්, අර සටන් කතාව නිසා, මේක කොල්ලන්ගෙන් බේරෙන්න දාපු ඇඳුමක් වගේ.</b></font>

75
00:05:12,694 --> 00:05:14,494
<font face="Gandhi Sans" size="24"><b>ආ, ඔයාලා කලින්ම ඇවිල්ලා!</b></font>

76
00:05:14,784 --> 00:05:15,954
<font face="Gandhi Sans" size="24"><b>පරක්කු වුණාට සමාවෙන්න!</b></font>

77
00:05:15,954 --> 00:05:18,204
<font face="Gandhi Sans" size="24"><b>- ඒක ව්‍යායාම කරන ඇඳුමක්නේ!
- ආ?</b></font>

78
00:05:18,624 --> 00:05:21,204
<font face="Gandhi Sans" size="24"><b>ඔයා ලොකුවට හැඩවෙලා එයි කියලා මම බලාපොරොත්තු වුණේ නෑ...</b></font>

79
00:05:21,204 --> 00:05:23,124
<font face="Gandhi Sans" size="24"><b>ඒත් අනේ! ඒක ව්‍යායාම කරන ඇඳුමක්නේ!</b></font>

80
00:05:23,124 --> 00:05:24,254
<font face="Gandhi Sans" size="24"><b>ආ? ඒක අවුල්ද?</b></font>

81
00:05:24,254 --> 00:05:26,964
<font face="Gandhi Sans" size="24"><b>ඔයා දන්නවා නේද මේක ඩේට් එකක් කියලා? ජිම් එකක් නෙවෙයි?</b></font>

82
00:05:27,504 --> 00:05:32,094
<font face="Gandhi Sans" size="24"><b>කවුද යකෝ කිව්වේ යුනිකෝන්ලා ඇතුළෙනුත් පිටිනුත් සර්වසම්පූර්ණයි කියලා?</b></font>

83
00:05:32,094 --> 00:05:34,634
<font face="Gandhi Sans" size="24"><b>එයාගේ දක්ෂතා හරිම අමුතු විදිහට බෙදිලා තියෙන්නේ.</b></font>

84
00:05:34,634 --> 00:05:37,434
<font face="Gandhi Sans" size="24"><b>ඇත්තටම, හැමදේම තියෙන්නේ ශාරීරික පැත්තට විතරයි.</b></font>

85
00:05:37,724 --> 00:05:40,014
<font face="Gandhi Sans" size="24"><b>මගේ ආදරණීය චිසාටෝ එක්ක ඩේට් එකක්!</b></font>

86
00:05:40,304 --> 00:05:41,934
<font face="Gandhi Sans" size="24"><b>මට ගොඩක්, ගොඩක් සතුටුයි!</b></font>

87
00:05:43,184 --> 00:05:44,604
<font face="Gandhi Sans" size="24"><b>ඒත් එයා හරිම අහිංසකයි!</b></font>

88
00:05:44,604 --> 00:05:47,234
<font face="Gandhi Sans" size="24"><b>මේ විදිහට ගියොත්, එයා ඔයාව යට කරගෙන යයි!</b></font>

89
00:05:47,524 --> 00:05:49,064
<font face="Gandhi Sans" size="24"><b>ආ? මමද අන්තිම?</b></font>

90
00:05:49,484 --> 00:05:51,404
<font face="Gandhi Sans" size="24"><b>සොරි. ඔයාලව රස්තියාදු කළාට.</b></font>

91
00:05:53,324 --> 00:05:54,244
<font face="Gandhi Sans" size="24"><b>ජැකට් එකක්...</b></font>

92
00:05:54,864 --> 00:05:56,114
<font face="Gandhi Sans" size="24"><b>අනික ක්ලච් බෑග් එකක්?</b></font>

93
00:05:56,114 --> 00:05:56,954
<font face="Gandhi Sans" size="24"><b>ආ?</b></font>

94
00:05:56,954 --> 00:05:58,414
<font face="Gandhi Sans" size="24"><b>මේක ස්ටයිලිෂ් ද නැද්ද කියන එක ගැන නෙවෙයි!</b></font>

95
00:05:58,414 --> 00:06:00,284
<font face="Gandhi Sans" size="24"><b>ඔයා ඉන්නේ සම්පූර්ණයෙන්ම වෙනම ලෝකෙක!</b></font>

96
00:06:00,284 --> 00:06:02,544
<font face="Gandhi Sans" size="24"><b>මට විශ්වාසයි මම සයිස් එක හරියට ගත්තා කියලා.</b></font>

97
00:06:03,294 --> 00:06:05,004
<font face="Gandhi Sans" size="24"><b>ප්‍රශ්නේ ඒක නෙවෙයි!</b></font>

98
00:06:05,334 --> 00:06:06,504
<font face="Gandhi Sans" size="24"><b>ඩේට් එකක්?</b></font>

99
00:06:06,794 --> 00:06:08,254
<font face="Gandhi Sans" size="24"><b>ඔයාට මේක ගැන ෂුවර්ද?</b></font>

100
00:06:08,754 --> 00:06:10,594
<font face="Gandhi Sans" size="24"><b>ඔයා නාකි මනුස්සයෙක්, මතකද?</b></font>

101
00:06:10,964 --> 00:06:12,384
<font face="Gandhi Sans" size="24"><b>මට වෙන මොනවා කරන්නද?</b></font>

102
00:06:12,384 --> 00:06:15,674
<font face="Gandhi Sans" size="24"><b>අපි නිකන් ටවුමේ ඇවිදිනවා නම්, මම කොහොමහරි ගාණක් හදාගන්නම්.</b></font>

103
00:06:15,674 --> 00:06:19,094
<font face="Gandhi Sans" size="24"><b>හැබැයි ඔයා යන වෙලාවට මම එතන ඉන්න එකක් නෑ.</b></font>

104
00:06:19,094 --> 00:06:20,304
<font face="Gandhi Sans" size="24"><b>ඔයා මොනවද අඳින්න යන්නේ?</b></font>

105
00:06:20,304 --> 00:06:21,974
<font face="Gandhi Sans" size="24"><b>අවුලක් නෑ.</b></font>

106
00:06:21,974 --> 00:06:24,524
<font face="Gandhi Sans" size="24"><b>මම සාමාන්‍ය දෙයක් අඳින්නම්.</b></font>

107
00:06:24,974 --> 00:06:27,774
<font face="Gandhi Sans" size="24"><b>ඔයාගේ 'සාමාන්‍ය' දේවල් කෙළින්ම ෆේල්, බොස්!</b></font>

108
00:06:29,154 --> 00:06:30,444
<font face="Gandhi Sans" size="24"><b>ඒ වුණත්...</b></font>

109
00:06:30,444 --> 00:06:32,734
<font face="Gandhi Sans" size="24"><b>මාර අමුතු කට්ටියක්නේ.</b></font>

110
00:06:33,074 --> 00:06:37,114
<font face="Gandhi Sans" size="24"><b>අනික නොරෙන්ගේ ඇඳුම නිකන් කවුරුත් අඳුනගන්නේ නැති වෙන්න යන ප්‍රසිද්ධ කෙනෙක්ගේ වගේ.</b></font>

111
00:06:37,114 --> 00:06:40,454
<font face="Gandhi Sans" size="24"><b>මම විතරද මෙතන ඉන්න එකම සාමාන්‍ය මධ්‍යම පාසල් ළමයා?</b></font>

112
00:06:45,544 --> 00:06:46,834
<font face="Gandhi Sans" size="24"><b>අහ්...</b></font>

113
00:06:46,834 --> 00:06:49,334
<font face="Gandhi Sans" size="24"><b>ඉතින්, අපි මොනවද කරන්න යන්නේ?</b></font>

114
00:06:49,334 --> 00:06:53,964
<font face="Gandhi Sans" size="24"><b>මම හිතුවේ අපි මේ කිට්ටුව කඩවල් ටිකක් බලලා, ඊට පස්සේ ෆිල්ම් එකක් බලමු කියලා.</b></font>

115
00:06:53,964 --> 00:06:55,634
<font face="Gandhi Sans" size="24"><b>ඒක පුදුම විදිහට සාමාන්‍යයිනේ!</b></font>

116
00:06:55,634 --> 00:06:57,764
<font face="Gandhi Sans" size="24"><b>පුහුණුවීමක් නෙවෙයි, ලොකු දෙයක්.</b></font>

117
00:06:58,424 --> 00:07:01,764
<font face="Gandhi Sans" size="24"><b>අනේ, ඉස්සර මේක කිසිම වැඩකට නැති පාර්ක් එකක්.</b></font>

118
00:07:02,054 --> 00:07:04,014
<font face="Gandhi Sans" size="24"><b>පාරේ ඉන්න මිනිස්සුත් මෙතන ගැවසුණා.</b></font>

119
00:07:04,014 --> 00:07:05,604
<font face="Gandhi Sans" size="24"><b>ආ? ඉස්සර?</b></font>

120
00:07:06,644 --> 00:07:11,444
<font face="Gandhi Sans" size="24"><b>මම කිව්වේ, මම දැක්කා නිකන් වයසක මනුස්සයෙක් ඔන්ලයින් ඒක ලියලා තියෙනවා!</b></font>

121
00:07:11,444 --> 00:07:13,274
<font face="Gandhi Sans" size="24"><b>කල්පනාවෙන් ඉන්න, බොස්!</b></font>

122
00:07:14,404 --> 00:07:15,944
<font face="Gandhi Sans" size="24"><b>වයසක මනුස්සයෙක්?</b></font>

123
00:07:17,994 --> 00:07:18,614
<font face="Gandhi Sans" size="24"><b>{\an8}හාචිරෝ රාමන්</b></font>

124
00:07:18,614 --> 00:07:20,284
<font face="Gandhi Sans" size="24"><b>ඕහ්! මටත් දැනගන්න ආසාවක් තිබුණා...</b></font>

125
00:07:20,664 --> 00:07:22,324
<font face="Gandhi Sans" size="24"><b>අර රාමන් කඩේ ගැන!</b></font>

126
00:07:22,664 --> 00:07:25,084
<font face="Gandhi Sans" size="24"><b>ආ? ඔයා රාමන් වලට කැමතිද?</b></font>

127
00:07:25,084 --> 00:07:26,744
<font face="Gandhi Sans" size="24"><b>මොකක්? නෑ...</b></font>

128
00:07:26,744 --> 00:07:29,374
<font face="Gandhi Sans" size="24"><b>මම අදහස් කළේ... මම කලාතුරකින් කනවා!</b></font>

129
00:07:29,374 --> 00:07:33,334
<font face="Gandhi Sans" size="24"><b>ඒ කඩේ මාරම පිස්සු පාරිභෝගිකයෝ පෝලිමක් තියෙනවා.</b></font>

130
00:07:33,334 --> 00:07:34,844
<font face="Gandhi Sans" size="24"><b>ඔයාට ලොකුවටම කන්න ඕනෙද, ආ?</b></font>

131
00:07:35,174 --> 00:07:36,924
<font face="Gandhi Sans" size="24"><b>සොරි, රාමන් මට හරියන්නේ නෑ.</b></font>

132
00:07:36,924 --> 00:07:38,804
<font face="Gandhi Sans" size="24"><b>අද චීට් ඩේ එකක් නෙවෙයි.</b></font>

133
00:07:38,804 --> 00:07:40,804
<font face="Gandhi Sans" size="24"><b>ඔයා සිරාවටම ඒ මට්ටමට පුහුණු වෙනවාද?</b></font>

134
00:07:42,554 --> 00:07:45,814
<font face="Gandhi Sans" size="24"><b>හ්ම්, මටත් ටිකක් බඩගිනි වගේ.</b></font>

135
00:07:46,354 --> 00:07:48,394
<font face="Gandhi Sans" size="24"><b>අපි අර එහා පැත්තේ තියෙන කෝපි කඩේට යමුද?</b></font>

136
00:07:48,394 --> 00:07:49,604
<font face="Gandhi Sans" size="24"><b>"කෝපි කඩේ"?</b></font>

137
00:07:49,604 --> 00:07:52,234
<font face="Gandhi Sans" size="24"><b>මම කිව්වේ, කවුරුත් එහෙම කියන්නේ නෑ නෙවෙයි...</b></font>

138
00:07:52,234 --> 00:07:55,314
<font face="Gandhi Sans" size="24"><b>ඒත් ඔගාමි එහෙම කිව්වාම, ඒක මාර විදිහට ගැලපෙනවා!</b></font>

139
00:08:11,254 --> 00:08:12,504
<font face="Gandhi Sans" size="24"><b>අනේ...</b></font>

140
00:08:12,834 --> 00:08:15,084
<font face="Gandhi Sans" size="24"><b>මේක මාර විනෝදයි, චිසාටෝ!</b></font>

141
00:08:15,084 --> 00:08:16,794
<font face="Gandhi Sans" size="24"><b>ඕ-ඕහ්, ඔ-ඔව්?</b></font>

142
00:08:16,794 --> 00:08:19,924
<font face="Gandhi Sans" size="24"><b>මළකෙළියයි. කොහොමහරි මම ඇත්තටම හොඳට විනෝද වුණා.</b></font>

143
00:08:24,724 --> 00:08:26,264
<font face="Gandhi Sans" size="24"><b>මම දැනගෙන හිටියා!</b></font>

144
00:08:26,264 --> 00:08:29,854
<font face="Gandhi Sans" size="24"><b>මම කලිනුත් එහෙම හිතුවා, ඒත් එයා අමුතුයි කියන එක නෙවෙයි!</b></font>

145
00:08:29,854 --> 00:08:31,434
<font face="Gandhi Sans" size="24"><b>එයා සම්පූර්ණයෙන්ම වෙනස් වයසක කෙනෙක් වගේ!</b></font>

146
00:08:31,434 --> 00:08:33,644
<font face="Gandhi Sans" size="24"><b>ඒත් පැහැදිලිවම, එයා අනිවාර්යයෙන්ම මධ්‍යම පාසල් ළමයෙක්!</b></font>

147
00:08:33,644 --> 00:08:35,654
<font face="Gandhi Sans" size="24"><b>එයා නිකන් තරුණ පෙනුමක් තියෙනවා නෙවෙයි!</b></font>

148
00:08:37,324 --> 00:08:39,114
<font face="Gandhi Sans" size="24"><b>ඕහ්, ෂිට්!</b></font>

149
00:08:49,334 --> 00:08:51,954
<font face="Gandhi Sans" size="24"><b>මොන මගුලක්ද? මගේ ඇඟට එකපාරටම...</b></font>

150
00:09:01,634 --> 00:09:04,684
<font face="Gandhi Sans" size="24"><b>මළකෙළියයි! මට සිහිය නැති වුණාද?</b></font>

151
00:09:04,684 --> 00:09:07,604
<font face="Gandhi Sans" size="24"><b>වෙලා තියෙන දේ දිහා බැලුවාම, පැයක් විතර ගිහින්ද?</b></font>

152
00:09:08,644 --> 00:09:10,854
<font face="Gandhi Sans" size="24"><b>ආ? මගේ අත් වයසට ගිහින් වගේ.</b></font>

153
00:09:12,144 --> 00:09:13,234
<font face="Gandhi Sans" size="24"><b>පොඩ්ඩක් ඉන්න...</b></font>

154
00:09:13,234 --> 00:09:15,314
<font face="Gandhi Sans" size="24"><b>මේ රැවුල් ගස්...</b></font>

155
00:09:15,314 --> 00:09:18,564
<font face="Gandhi Sans" size="24"><b>මොකක්? මම ආයෙත් වැඩිහිටියෙක් වෙලාද?</b></font>

156
00:09:19,154 --> 00:09:20,614
<font face="Gandhi Sans" size="24"><b>මොකක්හරි හේතුවක් තිබුණාද?</b></font>

157
00:09:20,614 --> 00:09:23,574
<font face="Gandhi Sans" size="24"><b>එහෙමත් නැත්නම් බඹර විෂ නිකන්ම නැති වෙලා ගියාද?</b></font>

158
00:09:23,574 --> 00:09:25,494
<font face="Gandhi Sans" size="24"><b>නෑ, ඒක දැන් වැඩක් නෑ!</b></font>

159
00:09:25,494 --> 00:09:27,164
<font face="Gandhi Sans" size="24"><b>මේක නම් ගොඩක් නරකයි!</b></font>

160
00:09:27,164 --> 00:09:29,034
<font face="Gandhi Sans" size="24"><b>"නරකයි" කිව්වේ, මම අදහස් කළේ...</b></font>

161
00:09:29,624 --> 00:09:32,544
<font face="Gandhi Sans" size="24"><b>මේ පෙනුම! ඇයි දැන්?</b></font>

162
00:09:32,544 --> 00:09:35,584
<font face="Gandhi Sans" size="24"><b>මීට වඩා නරක වෙලාවක් එන්න පුළුවන්ද?</b></font>

163
00:09:35,584 --> 00:09:36,294
<font face="Gandhi Sans" size="24"><b>{\an8}මධ්‍යම පාසල / මධ්‍යම පාසල
මැදි වයස / මධ්‍යම පාසල</b></font>

164
00:09:36,964 --> 00:09:38,634
<font face="Gandhi Sans" size="24"><b>එයාලා මාව මේ විදිහට දැක්කොත්...</b></font>

165
00:09:38,634 --> 00:09:41,054
<font face="Gandhi Sans" size="24"><b>{\an8}ඊක්
ආආහ්</b></font>

166
00:09:41,054 --> 00:09:43,554
<font face="Gandhi Sans" size="24"><b>අනේ නෑ. මට දැනටමත් මැරෙන්න හිතිලා ඉන්නේ.</b></font>

167
00:09:45,054 --> 00:09:46,934
<font face="Gandhi Sans" size="24"><b>ඔගාමි, මොකක්හරි අවුලක්ද?</b></font>

168
00:09:47,804 --> 00:09:48,844
<font face="Gandhi Sans" size="24"><b>බාත්රූම්!</b></font>

169
00:09:48,844 --> 00:09:49,764
<font face="Gandhi Sans" size="24"><b>ආ?</b></font>

170
00:09:54,814 --> 00:09:58,524
<font face="Gandhi Sans" size="24"><b>දැන් මම පැහැදිලිව කල්පනා කරලා බැලුවාම, මම මේ මොන මගුලක්ද කරන්නේ?</b></font>

171
00:09:59,274 --> 00:10:02,404
<font face="Gandhi Sans" size="24"><b>මම නිකන් එයාලා එක්ක යන ආරක්ෂකයෙක් වගේ හිතුවත්...</b></font>

172
00:10:02,694 --> 00:10:05,534
<font face="Gandhi Sans" size="24"><b>මොන වැඩිහිටි මනුස්සයද මධ්‍යම පාසලේ ළමයි එක්ක ඩබල් ඩේට් යන්නේ?</b></font>

173
00:10:05,534 --> 00:10:06,614
<font face="Gandhi Sans" size="24"><b>මම මෝඩයෙක්ද?</b></font>

174
00:10:07,364 --> 00:10:09,574
<font face="Gandhi Sans" size="24"><b>ඒකෙන් මට ආයෙත් සිහිය ආවා.</b></font>

175
00:10:09,574 --> 00:10:12,334
<font face="Gandhi Sans" size="24"><b>මම ටිකක් බය වුණා, ඒත් දැන් මම සාමාන්‍ය තත්වෙට ඇවිත්.</b></font>

176
00:10:12,334 --> 00:10:14,204
<font face="Gandhi Sans" size="24"><b>මේ පොඩි සෙල්ලම මෙතනින් ඉවරයි.</b></font>

177
00:10:14,204 --> 00:10:15,874
<font face="Gandhi Sans" size="24"><b>මම මෙතනින් පැනගන්නවා.</b></font>

178
00:10:16,294 --> 00:10:20,384
<font face="Gandhi Sans" size="24"><b>නොරෙන්ට දුන්න පොරොන්දුව කැඩුව එක ගැන මට ටිකක් දුකයි...</b></font>

179
00:10:20,884 --> 00:10:24,464
<font face="Gandhi Sans" size="24"><b>ඒත් වයසක මනුස්සයෙක් මධ්‍යම පාසලට යන එකම පිස්සුවක්නේ.</b></font>

180
00:10:24,464 --> 00:10:25,974
<font face="Gandhi Sans" size="24"><b>හේයි, ඔගාමි!</b></font>

181
00:10:26,304 --> 00:10:28,224
<font face="Gandhi Sans" size="24"><b>- ආ? ටෙන්මා?
- මොකද, ඔයා ඇතුළට වැටුණාද?</b></font>

182
00:10:28,594 --> 00:10:29,684
<font face="Gandhi Sans" size="24"><b>ෆිල්ම් එක ඉවරයි—</b></font>

183
00:10:30,894 --> 00:10:31,974
<font face="Gandhi Sans" size="24"><b>ඒකෙන් මාව බය වුණා.</b></font>

184
00:10:31,974 --> 00:10:32,814
<font face="Gandhi Sans" size="24"><b>ඒයි!</b></font>

185
00:10:32,814 --> 00:10:35,434
<font face="Gandhi Sans" size="24"><b>එළියට වෙනකම්ම එනවාද? අනිවාර්යයෙන්ම එයා එහෙම කරයි!</b></font>

186
00:10:36,184 --> 00:10:38,694
<font face="Gandhi Sans" size="24"><b>මළකෙළියයි, මම දැන් මොකද කරන්නේ?</b></font>

187
00:10:41,614 --> 00:10:43,444
<font face="Gandhi Sans" size="24"><b>ආ, අපි සම්බන්ධ වුණා.</b></font>

188
00:10:43,864 --> 00:10:45,034
<font face="Gandhi Sans" size="24"><b>මොකද වුණේ?</b></font>

189
00:10:45,694 --> 00:10:48,204
<font face="Gandhi Sans" size="24"><b>මොකුත් කියන්න එපා! මේක දිහා බලන්නකෝ!</b></font>

190
00:10:48,494 --> 00:10:50,244
<font face="Gandhi Sans" size="24"><b>ඔ-ඔයා ආයෙත් ඇවිත්!</b></font>

191
00:10:50,244 --> 00:10:52,704
<font face="Gandhi Sans" size="24"><b>අනික නොරෙනුයි අනිත් අය එළියේ ඉන්නවා...</b></font>

192
00:10:52,704 --> 00:10:54,374
<font face="Gandhi Sans" size="24"><b>ඒ නිසා මට මේ මළ බාත්රූම් එකෙන් එළියට යන්න බෑ.</b></font>

193
00:10:54,994 --> 00:10:58,544
<font face="Gandhi Sans" size="24"><b>ඔයා අද ගෙනාවේ අර ක්ලච් බෑග් එක විතරයි නේද?</b></font>

194
00:10:58,544 --> 00:11:02,294
<font face="Gandhi Sans" size="24"><b>ලොක් පික්, පොඩි බෝම්බ සහ කිසි වැඩකට නැති ගොඩක් දේවල්...</b></font>

195
00:11:02,294 --> 00:11:02,924
<font face="Gandhi Sans" size="24"><b>ඕහ්!</b></font>

196
00:11:03,384 --> 00:11:06,054
<font face="Gandhi Sans" size="24"><b>පූසෙක්ගේ හැඩේ තියෙන කටහඬ වෙනස් කරන ස්ටිකර් එක!</b></font>

197
00:11:06,054 --> 00:11:08,264
<font face="Gandhi Sans" size="24"><b>අඩුම තරමේ ඒක බෝ ටයි එකක් නෙවෙයි.</b></font>

198
00:11:08,264 --> 00:11:10,554
<font face="Gandhi Sans" size="24"><b>ඒයි, ඔයාට ඇතුළේ ඇත්තටම අවුලක් නෑ නේද?</b></font>

199
00:11:11,014 --> 00:11:13,054
<font face="Gandhi Sans" size="24"><b>ඒක ඔයාගේ උගුරු ඇටේ වටේ අලවගන්න.</b></font>

200
00:11:13,644 --> 00:11:16,854
<font face="Gandhi Sans" size="24"><b>ඊට පස්සේ ඔයාගේ ෆෝන් එකේ ඇප් එක පාවිච්චි කරලා සංඛ්‍යාතය වෙනස් කරන්න, එතකොට...</b></font>

201
00:11:17,644 --> 00:11:18,644
<font face="Gandhi Sans" size="24"><b>උ-උහ්...</b></font>

202
00:11:19,194 --> 00:11:21,774
<font face="Gandhi Sans" size="24"><b>ම-මට ටිකක් අමාරුයි වගේ.</b></font>

203
00:11:21,774 --> 00:11:23,444
<font face="Gandhi Sans" size="24"><b>ආ? සිරාවටම?</b></font>

204
00:11:23,904 --> 00:11:26,614
<font face="Gandhi Sans" size="24"><b>ම-මගේ බඩ අවුල් ගිහින්. මට එළියට එන්න බෑ.</b></font>

205
00:11:26,614 --> 00:11:28,444
<font face="Gandhi Sans" size="24"><b>ඔයාලා තුන්දෙනා මම නැතුව ගෙදර යන්න.</b></font>

206
00:11:28,784 --> 00:11:31,324
<font face="Gandhi Sans" size="24"><b>ඒ තරම් අමාරුද? මම ඇම්බියුලන්ස් එකකට කතා කරන්නද?</b></font>

207
00:11:31,324 --> 00:11:35,284
<font face="Gandhi Sans" size="24"><b>නෑ! ඒ තරම් අමාරුවක් නෑ! ඒත් මට දැන්ම එළියට එන්න බෑ!</b></font>

208
00:11:35,284 --> 00:11:38,254
<font face="Gandhi Sans" size="24"><b>කොහොමත් අපි ගෙදර යන්නයි හිටියේ, ඒ නිසා ඔයාලා යන්න! කරුණාකරලා!</b></font>

209
00:11:39,414 --> 00:11:41,004
<font face="Gandhi Sans" size="24"><b>හරි.</b></font>

210
00:11:41,004 --> 00:11:42,544
<font face="Gandhi Sans" size="24"><b>මම එයාලට කියන්නම්.</b></font>

211
00:11:42,544 --> 00:11:44,134
<font face="Gandhi Sans" size="24"><b>අනේ, ලොකු දෙයක්!</b></font>

212
00:11:44,134 --> 00:11:47,594
<font face="Gandhi Sans" size="24"><b>දැන් මම ටිකක් ඉඳලා එළියට ආවොත්, මට පරිස්සමට ගෙදර යන්න පුළුවන්, අනික—</b></font>

213
00:11:47,594 --> 00:11:48,964
<font face="Gandhi Sans" size="24"><b>ආ? ක-කවුද ඒ...</b></font>

214
00:11:48,964 --> 00:11:50,804
<font face="Gandhi Sans" size="24"><b>මො-මොන මගුලක්ද...</b></font>

215
00:11:50,804 --> 00:11:52,264
<font face="Gandhi Sans" size="24"><b>- හේයි! පොඩ්ඩක් ඉන්න! ටෙ-ටෙන්මා!
- ආ?</b></font>

216
00:11:52,554 --> 00:11:54,264
<font face="Gandhi Sans" size="24"><b>- ඔගාමි! නොරෙන්ව දැන්...
- ආරක්ෂාව...</b></font>

217
00:11:54,644 --> 00:11:56,014
<font face="Gandhi Sans" size="24"><b>...නිල වශයෙන්ම නැති වුණාද?</b></font>

218
00:11:56,014 --> 00:11:57,474
<font face="Gandhi Sans" size="24"><b>නොරෙන්ව පැහැරගත්තා!</b></font>

219
00:11:57,774 --> 00:11:59,394
<font face="Gandhi Sans" size="24"><b>ආයෙත් පැහැරගැනීමක්?</b></font>

220
00:11:59,394 --> 00:12:01,024
<font face="Gandhi Sans" size="24"><b>ආයෙත් මේ මගුලද?</b></font>

221
00:12:01,484 --> 00:12:05,274
<font face="Gandhi Sans" size="24"><b>නොරෙන්, මේ වයසක මනුස්සයටත් ඔයා ගැන පව් කියලා හිතෙනවා!</b></font>

222
00:12:05,694 --> 00:12:07,274
<font face="Gandhi Sans" size="24"><b>මළකෙළියයි! නෑ, මට බෑ!</b></font>

223
00:12:07,274 --> 00:12:08,824
<font face="Gandhi Sans" size="24"><b>මට එයාව දාලා යන්න බෑ!</b></font>

224
00:12:08,824 --> 00:12:11,074
<font face="Gandhi Sans" size="24"><b>මම දැන් ගෙදර ගියොත්, මට ආයෙ කවදාවත් හරියට නින්ද යන එකක් නෑ!</b></font>

225
00:12:11,074 --> 00:12:12,244
<font face="Gandhi Sans" size="24"><b>මළකෙළියයි!</b></font>

226
00:12:12,864 --> 00:12:13,994
<font face="Gandhi Sans" size="24"><b>ඔයාට අවුලක් නෑනේ?</b></font>

227
00:12:13,994 --> 00:12:15,244
<font face="Gandhi Sans" size="24"><b>මට අවුලක් නෑ...</b></font>

228
00:12:15,244 --> 00:12:16,624
<font face="Gandhi Sans" size="24"><b>ඒත් නොරෙන්...</b></font>

229
00:12:16,914 --> 00:12:19,954
<font face="Gandhi Sans" size="24"><b>බොස්! ඔයා ඔහොම එළියට ආවොත්, එයාලා ඔයාව හොඳට දකීවි!</b></font>

230
00:12:19,954 --> 00:12:20,624
<font face="Gandhi Sans" size="24"><b>ටෙන්මා!</b></font>

231
00:12:20,874 --> 00:12:22,924
<font face="Gandhi Sans" size="24"><b>පුළුවන් තරම් හයියෙන් එයාව බදාගන්න! දැන්ම!</b></font>

232
00:12:23,254 --> 00:12:24,044
<font face="Gandhi Sans" size="24"><b>ආ?</b></font>

233
00:12:24,334 --> 00:12:25,004
<font face="Gandhi Sans" size="24"><b>ආ?</b></font>

234
00:12:26,844 --> 00:12:27,674
<font face="Gandhi Sans" size="24"><b>මේ වගේද?</b></font>

235
00:12:30,054 --> 00:12:31,304
<font face="Gandhi Sans" size="24"><b>පැහැරගත්ත අයගේ පෙනුම කොහොමද?</b></font>

236
00:12:32,764 --> 00:12:35,054
<font face="Gandhi Sans" size="24"><b>අහ්, එ-එතන දෙන්නෙක් හිටියා!</b></font>

237
00:12:35,054 --> 00:12:37,144
<font face="Gandhi Sans" size="24"><b>දෙන්නම කලු පාට හූඩීස් ඇඳලා හිටියේ!</b></font>

238
00:12:40,274 --> 00:12:42,394
<font face="Gandhi Sans" size="24"><b>කලු පාට වෑන් එකක්! ගායියෙන් පැත්තට ගියේ?</b></font>

239
00:12:47,114 --> 00:12:48,364
<font face="Gandhi Sans" size="24"><b>{\an8}ටෙන්ගොකු
ගායියෙන්සාකා</b></font>

240
00:12:48,364 --> 00:12:49,234
<font face="Gandhi Sans" size="24"><b>ආ?</b></font>

241
00:12:49,234 --> 00:12:50,074
<font face="Gandhi Sans" size="24"><b>හේයි, පොඩ්ඩක් ඉන්න!</b></font>

242
00:12:50,444 --> 00:12:52,154
<font face="Gandhi Sans" size="24"><b>මේ අංකෙට මැසේජ් එකක් දාන්න!</b></font>

243
00:12:53,654 --> 00:12:54,784
<font face="Gandhi Sans" size="24"><b>ඔයාට වියදම ගෙවන්නම්!</b></font>

244
00:12:55,664 --> 00:12:57,244
<font face="Gandhi Sans" size="24"><b>මොකක්?</b></font>

245
00:12:57,744 --> 00:13:00,494
<font face="Gandhi Sans" size="24"><b>මළකෙළියයි! එකක් පස්සේ එකක්!</b></font>

246
00:13:05,964 --> 00:13:08,344
<font face="Gandhi Sans" size="24"><b>බොස්, මට දැන් තමයි දෙයක් තේරුණේ.</b></font>

247
00:13:08,344 --> 00:13:09,254
<font face="Gandhi Sans" size="24"><b>ඔව්?</b></font>

248
00:13:09,634 --> 00:13:10,964
<font face="Gandhi Sans" size="24"><b>අර බාත්රූම් එකේ වුණ සීන් එක...</b></font>

249
00:13:10,964 --> 00:13:13,974
<font face="Gandhi Sans" size="24"><b>ඔයාට නිකන්ම අඳුරන්නේ නැති කෙනෙක් වගේ එළියට යන්න තිබුණා නේද?</b></font>

250
00:13:13,974 --> 00:13:15,634
<font face="Gandhi Sans" size="24"><b>ඕහ්! ඔව් නේද!</b></font>

251
00:13:15,634 --> 00:13:17,554
<font face="Gandhi Sans" size="24"><b>මම බය වුණ පාරට ඒක හිතුවේ නෑ!</b></font>

252
00:13:18,934 --> 00:13:21,064
<font face="Gandhi Sans" size="24"><b>හ්ම්, ඒක නම් පුදුමයි.</b></font>

253
00:13:21,394 --> 00:13:23,774
<font face="Gandhi Sans" size="24"><b>එයා ගොඩක් වෙලාවට...</b></font>

254
00:13:23,774 --> 00:13:25,904
<font face="Gandhi Sans" size="24"><b>මීට වඩා අමාරු තත්පරෙන් තීරණ ගන්න තැන්වල ඉඳලා තියෙනවා.</b></font>

255
00:13:25,904 --> 00:13:29,444
<font face="Gandhi Sans" size="24"><b>අනික මොකටහරි කලබල වෙන එක එයාගේ හැටියක් නෙවෙයි.</b></font>

256
00:13:29,444 --> 00:13:32,324
<font face="Gandhi Sans" size="24"><b>එයා ඇත්තටම මධ්‍යම පාසල් ජීවිතේ ඒ තරම්ම විඳිනවාද?</b></font>

257
00:13:34,364 --> 00:13:36,954
<font face="Gandhi Sans" size="24"><b>අනේ! තව කොච්චර වෙලා මාව බදාගෙන ඉන්නද හදන්නේ?</b></font>

258
00:13:36,954 --> 00:13:38,914
<font face="Gandhi Sans" size="24"><b>ඕහ්. මට ගොඩක් සතුටු හිතුණා, මට ඒක අමතක වුණා.</b></font>

259
00:13:39,244 --> 00:13:41,164
<font face="Gandhi Sans" size="24"><b>මේක ඒකට වෙලාව නෙවෙයි!</b></font>

260
00:13:41,164 --> 00:13:45,664
<font face="Gandhi Sans" size="24"><b>ඔගාමි තනියම එයාලා පස්සේ ගියා, අපිට මොනවා කරන්න පුළුවන්ද කියලා මම දන්නෙත් නෑ...</b></font>

261
00:13:45,664 --> 00:13:47,214
<font face="Gandhi Sans" size="24"><b>ඒත් අපි එයා පස්සේ යන්න ඕනේ!</b></font>

262
00:13:47,214 --> 00:13:47,834
<font face="Gandhi Sans" size="24"><b>ආ?</b></font>

263
00:13:48,134 --> 00:13:49,134
<font face="Gandhi Sans" size="24"><b>ඇයි?</b></font>

264
00:13:51,004 --> 00:13:54,344
<font face="Gandhi Sans" size="24"><b>ඔයා ආරක්ෂිතව ඉන්නකම් මට අවුලක් නෑ, චිසාටෝ.</b></font>

265
00:13:54,344 --> 00:13:55,674
<font face="Gandhi Sans" size="24"><b>මම යන්නම ඕනෙද?</b></font>

266
00:13:56,014 --> 00:13:57,804
<font face="Gandhi Sans" size="24"><b>ඔගාමි දැනටමත් ගියා නේද?</b></font>

267
00:14:02,564 --> 00:14:03,274
<font face="Gandhi Sans" size="24"><b>ඉතින්...</b></font>

268
00:14:04,564 --> 00:14:06,354
<font face="Gandhi Sans" size="24"><b>අනිවාර්යයෙන්ම ඔයා යන්න ඕනේ!</b></font>

269
00:14:06,354 --> 00:14:08,314
<font face="Gandhi Sans" size="24"><b>ඔයා මොකෙක්ද, රොබෝ කෙනෙක්ද?</b></font>

270
00:14:08,314 --> 00:14:11,024
<font face="Gandhi Sans" size="24"><b>අපි කතා කරපු දේ ඔයාට දැනටමත් අමතක වුණාද?</b></font>

271
00:14:11,024 --> 00:14:12,904
<font face="Gandhi Sans" size="24"><b>කවුරුහරි කරදරේක වැටුණාම, ඔයා උදව් කරන්න යන්න ඕනේ!</b></font>

272
00:14:13,694 --> 00:14:17,744
<font face="Gandhi Sans" size="24"><b>ඇත්ත, අපි මධ්‍යම පාසල් ළමයි! මම දන්නවා අපිව යන්න දිරිමත් කරන එක පිස්සුවක් කියලා!</b></font>

273
00:14:18,284 --> 00:14:20,534
<font face="Gandhi Sans" size="24"><b>ඒත් ඔය ආකල්පය නම් හරියන්නේ නෑ!</b></font>

274
00:14:20,914 --> 00:14:23,744
<font face="Gandhi Sans" size="24"><b>මම අද ඇත්තටම පොඩි විනෝදයක් ගත්තා!</b></font>

275
00:14:23,744 --> 00:14:25,584
<font face="Gandhi Sans" size="24"><b>ඔයා ගැන තියෙන ගෞරවය නැති කරගන්න මට ඉඩ තියන්න එපා!</b></font>

276
00:14:25,964 --> 00:14:28,294
<font face="Gandhi Sans" size="24"><b>මේ වගේ වෙලාවක ඔහොම කතා කරන කෙනෙක්ට...</b></font>

277
00:14:28,294 --> 00:14:30,424
<font face="Gandhi Sans" size="24"><b>මට කවදාවත් කැමති වෙන්න බෑ!</b></font>

278
00:14:34,594 --> 00:14:35,884
<font face="Gandhi Sans" size="24"><b>මට සමාවෙන්න.</b></font>

279
00:14:36,174 --> 00:14:38,634
<font face="Gandhi Sans" size="24"><b>මිනිස්සු හැමදාම මට කියලා තියෙනවා මට තත්ත්වය තේරුම් ගන්න බෑ කියලා...</b></font>

280
00:14:38,634 --> 00:14:41,474
<font face="Gandhi Sans" size="24"><b>එහෙමත් නැත්නම් අනිත් අයට දැනෙන දේ මට තේරෙන්නේ නෑ කියලා.</b></font>

281
00:14:42,184 --> 00:14:45,144
<font face="Gandhi Sans" size="24"><b>මට තේරෙනවා කියලා හිතුණත්, ඇත්තටම මට ඒක තේරෙන්නේ නෑ.</b></font>

282
00:14:46,234 --> 00:14:48,274
<font face="Gandhi Sans" size="24"><b>අනික මට විශ්වාසයි ඒක දිගටම වෙයි කියලා.</b></font>

283
00:14:48,274 --> 00:14:49,274
<font face="Gandhi Sans" size="24"><b>ඒ නිසා...</b></font>

284
00:14:50,274 --> 00:14:51,694
<font face="Gandhi Sans" size="24"><b>මට ඕනේ ඔයා මට උගන්නනවාට.</b></font>

285
00:14:52,314 --> 00:14:53,484
<font face="Gandhi Sans" size="24"><b>මම උත්සාහ කරන්නම්.</b></font>

286
00:14:53,824 --> 00:14:55,824
<font face="Gandhi Sans" size="24"><b>ඔයාව අඬවන්නේ නැති වෙන්න, චිසාටෝ.</b></font>

287
00:14:57,114 --> 00:14:58,114
<font face="Gandhi Sans" size="24"><b>හරි!</b></font>

288
00:14:58,114 --> 00:14:59,204
<font face="Gandhi Sans" size="24"><b>මම යනවා.</b></font>

289
00:14:59,824 --> 00:15:02,374
<font face="Gandhi Sans" size="24"><b>චිසාටෝ, මෙතන ඉඳලා පොලිසියට කතා කරන්න.</b></font>

290
00:15:02,664 --> 00:15:04,164
<font face="Gandhi Sans" size="24"><b>නෑ, මාත් යනවා—</b></font>

291
00:15:04,164 --> 00:15:07,294
<font face="Gandhi Sans" size="24"><b>ඔයා පරක්කුයි, අනික සමහරවිට ඔයා බාධාවක් වෙයි.</b></font>

292
00:15:07,584 --> 00:15:09,464
<font face="Gandhi Sans" size="24"><b>- හලෝ? ඔගාමි? ඔයා කොහෙද ඉන්නේ?
- ඔයා දැන්නේ කිව්වේ...</b></font>

293
00:15:09,464 --> 00:15:11,924
<font face="Gandhi Sans" size="24"><b>...ඔයා මාව අඬවන්නේ නැති වෙන්න උත්සාහ කරනවා කියලා!</b></font>

294
00:15:15,964 --> 00:15:17,424
<font face="Gandhi Sans" size="24"><b>අනේ, ටෙන්මා...</b></font>

295
00:15:17,424 --> 00:15:18,974
<font face="Gandhi Sans" size="24"><b>එයත් එනවාද?</b></font>

296
00:15:19,304 --> 00:15:21,184
<font face="Gandhi Sans" size="24"><b>අනික මේ මොන මගුලක්ද?</b></font>

297
00:15:21,554 --> 00:15:25,684
<font face="Gandhi Sans" size="24"><b>එයාලා පස්සේ පන්නන ගමන් මම ආයෙත් පොඩි එකෙක් වුණා කියලා මටම විශ්වාස කරන්න බෑ.</b></font>

298
00:15:25,684 --> 00:15:27,144
<font face="Gandhi Sans" size="24"><b>හරි, මම ආවා!</b></font>

299
00:15:27,684 --> 00:15:28,934
<font face="Gandhi Sans" size="24"><b>පරක්කු වුණාට සමාවෙන්න!</b></font>

300
00:15:28,934 --> 00:15:31,234
<font face="Gandhi Sans" size="24"><b>ඒක ඉක්මන්! ඔයා කොහොමද මෙහෙට ආවේ?</b></font>

301
00:15:31,234 --> 00:15:33,154
<font face="Gandhi Sans" size="24"><b>ආ? මම දුවගෙන ආවා.</b></font>

302
00:15:33,154 --> 00:15:34,944
<font face="Gandhi Sans" size="24"><b>ඒක කිලෝමීටර් දෙක තුනක් විතරයි.</b></font>

303
00:15:34,944 --> 00:15:38,244
<font face="Gandhi Sans" size="24"><b>එයා නිකම්ම තුන් ඉරියව් සුපිරි වීරයෙක් වෙලා නෑනේ.</b></font>

304
00:15:43,454 --> 00:15:44,704
<font face="Gandhi Sans" size="24"><b>අන්න එයාලා ඉන්නවා.</b></font>

305
00:15:46,334 --> 00:15:47,704
<font face="Gandhi Sans" size="24"><b>ඒ ගොල්ලෝ...</b></font>

306
00:15:48,084 --> 00:15:51,214
<font face="Gandhi Sans" size="24"><b>එයාලා නිකන් සාමාන්‍ය NPC ලා වගේ පේන්නේ නෑ නේද?</b></font>

307
00:15:51,504 --> 00:15:53,294
<font face="Gandhi Sans" size="24"><b>එයාලා මොනවාහරි පාවිච්චි කරලාද?</b></font>

308
00:15:53,294 --> 00:15:54,344
<font face="Gandhi Sans" size="24"><b>ඔව්.</b></font>

309
00:15:54,754 --> 00:15:56,424
<font face="Gandhi Sans" size="24"><b>මළකෙළියයි! මම වැඩේ අල කරගත්තා!</b></font>

310
00:15:56,424 --> 00:15:59,844
<font face="Gandhi Sans" size="24"><b>මම හිතුවේ එයාලා නිකන් අඩු මට්ටමේ චණ්ඩින් කියලා, ඒ නිසා මම ටෙන්මාවත් එක්කන් ආවා...</b></font>

311
00:16:00,134 --> 00:16:01,474
<font face="Gandhi Sans" size="24"><b>ඒත් අර සලකුණ...</b></font>

312
00:16:01,474 --> 00:16:03,344
<font face="Gandhi Sans" size="24"><b>එයාලගේ සංවිධානය අපේ එකට වඩා ලොකුයි.</b></font>

313
00:16:03,894 --> 00:16:08,644
<font face="Gandhi Sans" size="24"><b>ඝාතකයන්ගේ ගාණ, වාර්තා, විකුණුම්, සහ පාරිභෝගික තෘප්තිය අතින්...</b></font>

314
00:16:08,644 --> 00:16:11,354
<font face="Gandhi Sans" size="24"><b>එයාලා හැම අතින්ම අංක එක! මේ ව්‍යාපාරයේ ලොකුම නම!</b></font>

315
00:16:12,194 --> 00:16:13,104
<font face="Gandhi Sans" size="24"><b>{\an8}ජාඩින්!</b></font>

316
00:16:13,404 --> 00:16:16,734
<font face="Gandhi Sans" size="24"><b>එයාලා සාමාජික ගාස්තුව මත පාරිභෝගිකයන්ව වර්ග කරනවා.</b></font>

317
00:16:16,734 --> 00:16:20,154
<font face="Gandhi Sans" size="24"><b>වර්ගීකරණය ඉහළ යන්න යන්න, එයාලා එවන ඝාතකයෝ දරුණුයි.</b></font>

318
00:16:20,694 --> 00:16:25,414
<font face="Gandhi Sans" size="24"><b>කියන විදිහට, ඉහළම මට්ටමේ කලු වර්ගීකරණයට එකතු වෙන්න පුළුවන් VIP ලාට විතරයි!</b></font>

319
00:16:25,414 --> 00:16:28,044
<font face="Gandhi Sans" size="24"><b>ආ? එයාලා දෙන්නෙක් ඉන්නවා.</b></font>

320
00:16:29,244 --> 00:16:30,584
<font face="Gandhi Sans" size="24"><b>අර පොඩි කෙනා...</b></font>

321
00:16:30,584 --> 00:16:32,084
<font face="Gandhi Sans" size="24"><b>හ්ම්, කමක් නෑ.</b></font>

322
00:16:32,084 --> 00:16:34,214
<font face="Gandhi Sans" size="24"><b>කසුමා රින්ඩෝ, වයස 15යි!</b></font>

323
00:16:34,214 --> 00:16:36,674
<font face="Gandhi Sans" size="24"><b>කොහොම වුණත්, මේක ඉක්මනින්ම ඉවර වෙයි.</b></font>

324
00:16:37,044 --> 00:16:40,804
<font face="Gandhi Sans" size="24"><b>අර ලොකු කෙනා ඊජි රින්ඩෝ, වයස 13යි!</b></font>

325
00:16:42,724 --> 00:16:45,514
<font face="Gandhi Sans" size="24"><b>එයාලා දෙන්නම කලු-වර්ගයේ ඝාතකයෝ!</b></font>

326
00:16:45,514 --> 00:16:47,854
<font face="Gandhi Sans" size="24"><b>පොඩ්ඩක් ඉන්න! එයාලා මධ්‍යම පාසල් ළමයිද?</b></font>

327
00:16:49,064 --> 00:16:49,974
<font face="Gandhi Sans" size="24"><b>ආ?</b></font>

328
00:16:52,184 --> 00:16:53,524
<font face="Gandhi Sans" size="24"><b>හලෝ?</b></font>

329
00:16:53,524 --> 00:16:54,524
<font face="Gandhi Sans" size="24"><b>ආ...</b></font>

330
00:16:54,524 --> 00:16:56,444
<font face="Gandhi Sans" size="24"><b>ඔයාව හමුවුණ එක සතුටක්, ඔගාමි.</b></font>

331
00:16:56,444 --> 00:16:58,824
<font face="Gandhi Sans" size="24"><b>ඒ වගේම ටෙන්මා ටෙන්ඩෝ.</b></font>

332
00:17:00,154 --> 00:17:01,654
<font face="Gandhi Sans" size="24"><b>ඔයාට මොනවද ඕනේ?</b></font>

333
00:17:01,654 --> 00:17:05,824
<font face="Gandhi Sans" size="24"><b>ඇයි, මිට්සුවෝකා සටන තමයි. අනික පෙම්වතාගේ තනතුර.</b></font>

334
00:17:06,284 --> 00:17:07,244
<font face="Gandhi Sans" size="24"><b>ඒ වුණත්...</b></font>

335
00:17:07,244 --> 00:17:09,704
<font face="Gandhi Sans" size="24"><b>මම ඒක වෙනුවෙන් වෙන දවසක ඔයාට නිල වශයෙන් අභියෝග කරන්නම්.</b></font>

336
00:17:09,704 --> 00:17:11,294
<font face="Gandhi Sans" size="24"><b>අද, මගේ අරමුණ...</b></font>

337
00:17:11,294 --> 00:17:12,794
<font face="Gandhi Sans" size="24"><b>නොරෙන්ගේ හදවත.</b></font>

338
00:17:14,334 --> 00:17:16,464
<font face="Gandhi Sans" size="24"><b>මගේ විශේෂත්වය තමයි මෝහනය.</b></font>

339
00:17:16,794 --> 00:17:19,714
<font face="Gandhi Sans" size="24"><b>මම ඒක පාවිච්චි කරලා එයාව මේ ඊජිට ආදරේ කරන්න සලස්වනවා.</b></font>

340
00:17:20,094 --> 00:17:21,714
<font face="Gandhi Sans" size="24"><b>ආ? ඔයාට එහෙම නිකන්—</b></font>

341
00:17:21,714 --> 00:17:23,174
<font face="Gandhi Sans" size="24"><b>මට පුළුවන්.</b></font>

342
00:17:23,724 --> 00:17:28,434
<font face="Gandhi Sans" size="24"><b>මට ඕනෑම කෙනෙක්ව ක්ෂණිකව සහ ප්‍රබලව මෝහනය කරන්න පුළුවන්.</b></font>

343
00:17:28,434 --> 00:17:31,604
<font face="Gandhi Sans" size="24"><b>මම සටන දින්නොත්, මට පෙම්වතාගේ තනතුර ගන්න පුළුවන්.</b></font>

344
00:17:31,604 --> 00:17:33,984
<font face="Gandhi Sans" size="24"><b>ඒත් නිකන්ම තනතුර තියෙන එකෙන් මම සෑහීමකට පත් වෙන්නේ නෑ.</b></font>

345
00:17:34,484 --> 00:17:36,854
<font face="Gandhi Sans" size="24"><b>නොරෙන් මිට්සුවෝකා අනිවාර්යයෙන්ම...</b></font>

346
00:17:37,234 --> 00:17:39,734
<font face="Gandhi Sans" size="24"><b>මගේ මල්ලි ඊජිගේ මනාලිය වෙන්න ඕනේ ශරීරයෙන් වගේම ආත්මයෙනුත්.</b></font>

347
00:17:39,734 --> 00:17:41,404
<font face="Gandhi Sans" size="24"><b>- මොක...
- මොක...</b></font>

348
00:17:42,824 --> 00:17:45,034
<font face="Gandhi Sans" size="24"><b>අහ්, ඔතන ඉන්න ඔයාගේ මල්ලි...</b></font>

349
00:17:45,034 --> 00:17:48,284
<font face="Gandhi Sans" size="24"><b>මෙච්චර වෙලා එයා කළේ "ඕහ්" "ආහ්" ගාන එක විතරයි.</b></font>

350
00:17:48,414 --> 00:17:51,624
<font face="Gandhi Sans" size="24"><b>ඇත්තෙන්ම. මගේ මල්ලි වචන ටිකක් පාවිච්චි කරන කෙනෙක්.</b></font>

351
00:17:51,624 --> 00:17:53,874
<font face="Gandhi Sans" size="24"><b>ඒත් එයා මල්ලිට ආදරේ කළාට පස්සේ, ඒක පොඩි දෙයක් වෙයි.</b></font>

352
00:17:54,004 --> 00:17:56,754
<font face="Gandhi Sans" size="24"><b>නෑ, මේක "වචන ටිකක්" ගැන නෙවෙයි.</b></font>

353
00:17:56,754 --> 00:17:58,254
<font face="Gandhi Sans" size="24"><b>මේක නිකන්, එයා පණපිටින්ද ඉන්නේ වගේ?</b></font>

354
00:17:58,254 --> 00:18:00,544
<font face="Gandhi Sans" size="24"><b>තර්කෙට හරි එයාලා කසාද බැන්දා කියලා හිතුවොත්...</b></font>

355
00:18:00,544 --> 00:18:04,264
<font face="Gandhi Sans" size="24"><b>එයාට ඇත්තටම දිගු කාලීනව විවාහයක් සාර්ථක කරගන්න පුළුවන් වෙයිද?</b></font>

356
00:18:05,804 --> 00:18:07,684
<font face="Gandhi Sans" size="24"><b>එයා හෙළවෙනවා, ඒ කියන්නේ එයා ජීවත් වෙනවා.</b></font>

357
00:18:07,684 --> 00:18:11,394
<font face="Gandhi Sans" size="24"><b>එයාට අඩුපාඩු තියෙන තැන් තියෙන්න පුළුවන් කියලා මම බොරු කියන්නේ නෑ, ඒත් බය වෙන්න එපා.</b></font>

358
00:18:11,394 --> 00:18:14,524
<font face="Gandhi Sans" size="24"><b>මම එයාට උදව් කරනවා. ඒ එක්කම, අපේ කතාව ඉවරයි.</b></font>

359
00:18:14,934 --> 00:18:15,814
<font face="Gandhi Sans" size="24"><b>එකඟද?</b></font>

360
00:18:15,814 --> 00:18:17,444
<font face="Gandhi Sans" size="24"><b>මොන මගුලකටද මම එකඟ වෙන්නේ!</b></font>

361
00:18:17,444 --> 00:18:18,734
<font face="Gandhi Sans" size="24"><b>මොන කරදරයක්ද.</b></font>

362
00:18:19,734 --> 00:18:22,194
<font face="Gandhi Sans" size="24"><b>ඒක නෙවෙයි, ටෙන්මා...</b></font>

363
00:18:22,194 --> 00:18:23,034
<font face="Gandhi Sans" size="24"><b>- ආ?
- ආ?</b></font>

364
00:18:23,034 --> 00:18:23,734
<font face="Gandhi Sans" size="24"><b>මමද?</b></font>

365
00:18:24,324 --> 00:18:26,454
<font face="Gandhi Sans" size="24"><b>මට යෝජනාවක් තියෙනවා.</b></font>

366
00:18:26,454 --> 00:18:29,574
<font face="Gandhi Sans" size="24"><b>ඔයා මෙහෙට ආවේ චිසාටෝ ශිරායිෂි ඔයාට එන්න කිව්ව නිසා නේද?</b></font>

367
00:18:29,574 --> 00:18:31,914
<font face="Gandhi Sans" size="24"><b>ඔයා ඔගාමිව දාලා දැන්ම ගෙදර ගියොත්,</b></font>

368
00:18:31,914 --> 00:18:35,124
<font face="Gandhi Sans" size="24"><b>මම මෝහනය පාවිච්චි කරලා චිසාටෝ ශිරායිෂිව ඔයාට ආදරේ කරන්න සලස්වන්නම්.</b></font>

369
00:18:35,124 --> 00:18:39,214
<font face="Gandhi Sans" size="24"><b>ඔයාට ඕන දේ ලැබෙයි, අනික ඔයාව අනවශ්‍ය අනතුරකට දාගන්න එකෙනුත් බේරෙන්න පුළුවන්.</b></font>

370
00:18:39,884 --> 00:18:41,134
<font face="Gandhi Sans" size="24"><b>ඉතින්?</b></font>

371
00:18:41,134 --> 00:18:42,384
<font face="Gandhi Sans" size="24"><b>මේකා නම්...</b></font>

372
00:18:42,384 --> 00:18:44,344
<font face="Gandhi Sans" size="24"><b>මූ සෑහෙන විස්තර හොයල තියෙනවා!</b></font>

373
00:18:44,884 --> 00:18:46,554
<font face="Gandhi Sans" size="24"><b>ටෙන්මාට හැඟීම් ගැන ඇත්තටම තේරෙන්නේ නෑ.</b></font>

374
00:18:47,594 --> 00:18:48,594
<font face="Gandhi Sans" size="24"><b>කියන්න නම් එපා...</b></font>

375
00:18:53,184 --> 00:18:54,724
<font face="Gandhi Sans" size="24"><b>අනේ මන්දා...</b></font>

376
00:18:54,724 --> 00:18:57,484
<font face="Gandhi Sans" size="24"><b>ඔයා සමහරවිට ඒක නොකියන්නයි තිබුණේ.</b></font>

377
00:18:57,484 --> 00:19:00,404
<font face="Gandhi Sans" size="24"><b>ඒක නිකන් තරඟයක් පාවා දෙනවා වගේ වැඩක් නේද?</b></font>

378
00:19:01,404 --> 00:19:03,444
<font face="Gandhi Sans" size="24"><b>මට චිසාටෝ ගැන තියෙන හැඟීම...</b></font>

379
00:19:03,444 --> 00:19:06,534
<font face="Gandhi Sans" size="24"><b>මම මගේ ජීවිතේම කැප කරපු අර ක්‍රීඩා තුනට වඩා වෙනස් නෑ.</b></font>

380
00:19:06,534 --> 00:19:09,574
<font face="Gandhi Sans" size="24"><b>මට හොර කරලා දිනන්න වෙනවා නම්, මම ඊට වඩා කැමතියි ඇත්තටම පැරදිලා ඒ ගැන අඬන්න.</b></font>

381
00:19:10,664 --> 00:19:11,824
<font face="Gandhi Sans" size="24"><b>ටෙන්මා...</b></font>

382
00:19:11,824 --> 00:19:14,204
<font face="Gandhi Sans" size="24"><b>මම කිව්වේ, කොහොම වුණත් මම අනිවාර්යයෙන්ම දිනනවා!</b></font>

383
00:19:14,584 --> 00:19:17,414
<font face="Gandhi Sans" size="24"><b>ලොකු අක්කේ, ඔයාට නම් මාරම රසිකයෙක් ඉන්නේ.</b></font>

384
00:19:17,664 --> 00:19:18,794
<font face="Gandhi Sans" size="24"><b>ඉතින්, ඇත්තටම...</b></font>

385
00:19:18,794 --> 00:19:22,584
<font face="Gandhi Sans" size="24"><b>මුලදි අර නොරෙන්ගේ කතාවටම මට මාර විදිහට තරහ ගිහින් හිටියේ.</b></font>

386
00:19:22,584 --> 00:19:24,674
<font face="Gandhi Sans" size="24"><b>මම ඔයාලට කැමති නෑ.</b></font>

387
00:19:25,134 --> 00:19:27,764
<font face="Gandhi Sans" size="24"><b>අනික මේක නිකන්ම අතාරින්න මට කිසිම මූඩ් එකක් නෑ.</b></font>

388
00:19:28,054 --> 00:19:31,054
<font face="Gandhi Sans" size="24"><b>ඉතින්, ඔච්චරයි. අපේ කතාව ඉවරයි.</b></font>

389
00:19:31,394 --> 00:19:34,264
<font face="Gandhi Sans" size="24"><b>නොරෙන්ව ආපහු දීපල්ලා, වැඩකට නැති මඟුල් කපන සහෝදරයෝ ටික.</b></font>

390
00:19:34,684 --> 00:19:37,224
<font face="Gandhi Sans" size="24"><b>එහෙනම් සාකච්ඡා බිඳ වැටිලා.</b></font>

391
00:19:37,224 --> 00:19:38,274
<font face="Gandhi Sans" size="24"><b>හොඳයි.</b></font>

392
00:19:39,644 --> 00:19:40,644
<font face="Gandhi Sans" size="24"><b>එහෙනම් යුද්ධයක්!</b></font>

393
00:19:41,274 --> 00:19:42,154
<font face="Gandhi Sans" size="24"><b>ගොල්ෆ්?</b></font>

394
00:19:46,194 --> 00:19:48,364
<font face="Gandhi Sans" size="24"><b>- මළකෙළියයි! අයින් වෙන්න, ටෙන්මා!
- ආ? ආහ්...</b></font>

395
00:19:51,914 --> 00:19:53,164
<font face="Gandhi Sans" size="24"><b>මුන්ට පිස්සුද කොහෙද!</b></font>

396
00:19:59,164 --> 00:20:01,964
<font face="Gandhi Sans" size="24"><b>ඔගාමි! මට වුණත් තේරෙනවා මෙතන මොකද වෙන්නේ කියලා!</b></font>

397
00:20:01,964 --> 00:20:04,134
<font face="Gandhi Sans" size="24"><b>ඒක අපිට වැදුණොත්, අපි ඉවරයි!</b></font>

398
00:20:04,504 --> 00:20:06,304
<font face="Gandhi Sans" size="24"><b>ඔව්, මමත් ඔයා එක්ක ඒකට එකඟයි!</b></font>

399
00:20:06,884 --> 00:20:09,804
<font face="Gandhi Sans" size="24"><b>දැනට, එළියට ගිහින් හැංගෙන්න තැනක් හොයාගන්න!</b></font>

400
00:20:12,724 --> 00:20:14,894
<font face="Gandhi Sans" size="24"><b>හරි. මම එයාලා පස්සේ යන්නම්.</b></font>

401
00:20:15,514 --> 00:20:20,104
<font face="Gandhi Sans" size="24"><b>ඔයා නොරෙන් ගැන ඇහැ ගහගෙන ඉන්න, එයාලව කොහේ හරි දැක්කොත්, වෙඩි තියන්න!</b></font>

402
00:20:21,854 --> 00:20:24,064
<font face="Gandhi Sans" size="24"><b>මළකෙළියයි, මුන් කවුද යකෝ?</b></font>

403
00:20:25,904 --> 00:20:27,194
<font face="Gandhi Sans" size="24"><b>මේක නම් අවුල්!</b></font>

404
00:20:27,194 --> 00:20:29,364
<font face="Gandhi Sans" size="24"><b>හිස් අතින් ගියොත්, මමත් අමාරුවේ වැටෙන්න පුළුවන්!</b></font>

405
00:20:29,364 --> 00:20:30,034
<font face="Gandhi Sans" size="24"><b>බොස්!</b></font>

406
00:20:30,364 --> 00:20:32,784
<font face="Gandhi Sans" size="24"><b>ඔයාට බ්ලොක් 320 පැත්තට යන්න පුළුවන්ද?</b></font>

407
00:20:32,784 --> 00:20:34,954
<font face="Gandhi Sans" size="24"><b>මම තුවක්කු පටවපු ඩ්‍රෝන් එකක් ඔයාගේ පැත්තට එව්වා!</b></font>

408
00:20:34,954 --> 00:20:36,164
<font face="Gandhi Sans" size="24"><b>සිරාවටම? ඔයා නම් මාරම කෙනෙක්!</b></font>

409
00:20:36,534 --> 00:20:40,874
<font face="Gandhi Sans" size="24"><b>ඔයාට මොකද වෙලා තියෙන්නේ, නෙකෝටා? අද ඔයා මාර විදිහට වැඩනේ!</b></font>

410
00:20:43,254 --> 00:20:44,794
<font face="Gandhi Sans" size="24"><b>හරි, ඔන්න ඒක එනවා! අන්න හරි!</b></font>

411
00:20:48,094 --> 00:20:50,344
<font face="Gandhi Sans" size="24"><b>මම ඔයාට ආයුධයක් ගන්න දෙන්නේ නෑ.</b></font>

412
00:20:52,054 --> 00:20:54,344
<font face="Gandhi Sans" size="24"><b>ඔයාත් මේ රස්සාවෙම නේද ඉන්නේ?</b></font>

413
00:20:59,394 --> 00:21:01,484
<font face="Gandhi Sans" size="24"><b>ඒක ඇතුළට වැටුණා.</b></font>

414
00:21:01,484 --> 00:21:02,894
<font face="Gandhi Sans" size="24"><b>ඒත් ඒක ගොඩක් දුරයි.</b></font>

415
00:21:03,274 --> 00:21:05,854
<font face="Gandhi Sans" size="24"><b>අනික එයාට එතන ඉඳලා ඩ්‍රෝන් එකකට වෙඩි තියන්න පුළුවන් නම්...</b></font>

416
00:21:05,854 --> 00:21:07,694
<font face="Gandhi Sans" size="24"><b>මට ඒක ගිහින් ගන්න වෙලාවක් නැති වෙයි!</b></font>

417
00:21:07,694 --> 00:21:11,154
<font face="Gandhi Sans" size="24"><b>ඉතින්, මම මගේ ඇත්ත ආයුධය පාවිච්චි කරන්න කලින්ම ඒක ඉවරයි.</b></font>

418
00:21:11,154 --> 00:21:12,574
<font face="Gandhi Sans" size="24"><b>මොන විහිළුවක්ද!</b></font>

419
00:21:13,404 --> 00:21:15,034
<font face="Gandhi Sans" size="24"><b>බොස්!</b></font>

420
00:21:16,454 --> 00:21:18,374
<font face="Gandhi Sans" size="24"><b>බිම දාලා ගිය අර ලොකු එකා...</b></font>

421
00:21:18,664 --> 00:21:20,204
<font face="Gandhi Sans" size="24"><b>ස්නයිපර් කාරයා නේද?</b></font>

422
00:21:26,294 --> 00:21:27,084
<font face="Gandhi Sans" size="24"><b>මොක...</b></font>

423
00:21:38,684 --> 00:21:40,814
<font face="Gandhi Sans" size="24"><b>එයා සද්දෙ පාවිච්චි කළා ඊජි ලවා ඒකට වෙඩි තියවන්න...</b></font>

424
00:21:40,814 --> 00:21:43,314
<font face="Gandhi Sans" size="24"><b>එතකොට පිපිරුමේ තරංගෙන් තුවක්කුව එයාගේ පැත්තට විසි වෙන්න.</b></font>

425
00:21:43,314 --> 00:21:44,274
<font face="Gandhi Sans" size="24"><b>අහගන්නවා.</b></font>

426
00:21:44,984 --> 00:21:49,274
<font face="Gandhi Sans" size="24"><b>මම ඇත්තටම නොරෙන්ව දකින්නේ මගේ දුවෙක් විදිහට.</b></font>

427
00:21:49,904 --> 00:21:51,484
<font face="Gandhi Sans" size="24"><b>දැන් හිතන්න ඔයා තමයි තාත්තා කියලා...</b></font>

428
00:21:51,484 --> 00:21:54,784
<font face="Gandhi Sans" size="24"><b>අනික මොකෙක් හරි එකෙක් ඔයාගේ ගෙදරට ඇවිත් ඔයාගේ දුවව ඉල්ලනවා කියලා!</b></font>

429
00:21:54,784 --> 00:21:56,324
<font face="Gandhi Sans" size="24"><b>අපි ආදරෙයි!</b></font>

430
00:21:56,324 --> 00:22:00,204
<font face="Gandhi Sans" size="24"><b>මොකද මම එයාව මෝහනය කළා.</b></font>

431
00:22:05,874 --> 00:22:08,884
<font face="Gandhi Sans" size="24"><b>සාමාන්‍යයෙන්ම, මම තොපිට ගහලා සමතලා කරනවා!</b></font>

